තද වැසි/ගිගුරුම් සහිත වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙ.ව. 9.00තෙක් වලංගු වෙයි.
බස්නාහිර, සබරගමුව, දකුණු. මධ්‍යම හා වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.