තණමල්විල නගරයේදි පසුගිය 10 දා යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙක් වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට බරපතල තුවාවල සිදුකිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එල්. සුමිත් නොහොත් ගෝඨා හා කසුන් බුද්ධික, මනෝජ් බුද්ධික නැමති සහෝදරයන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි තුනක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.