ආයෝජකයන්, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙන්ම ව්‍යාපරික ප්‍රජාව තුළ ආර්ථිකය නගා සිටුවීමේ වැඩපිළිවෙළ පිළිබඳව විශ්වාසය ගොඩනැගෙන අයුරින් විධිමත් සැලැස්මක් ගොඩ නැගිය යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
වත්මන් ණය ශේණිගත කිරීම් හා ආශ්රිත කාරණා පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
එම සැලැස්ම සකස් කිරීම කඩිනමින් සිදුකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත උපදෙස් දුන්නේය.