ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්රීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරිම සදහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන, රජයේ නිල නිවාස සහ අතහැර දමා ඇති ගොඩනැගිලි පරික්ෂා කිරිමට හෙට සිට (03) කඩා පනින හමුදාවක් පිටත් කර යවන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට අද (02) නියෝග කළේය.
මෙම කණ්ඩායමට ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරි වරයාද ඇතුලත් වේ.
අද පෙරවරුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත විම අවම කිරිම සදහා වන තීන්දු තීරණ ගැනීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදි ආණ්ඩුකාරවරිය මෙම නියෝගය සිදු කළාය.
මෙම හමුවට පෙර ආණ්ඩුකාරවරිය ආණ්ඩුකාර ලෙකම් කාර්යාල පරිශ්‍රයේ ඩෙංගු කීටයන් බෝවන ස්ථාන ඇත්දැයි නීරික්ෂණය කළාය.
ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරු පරිශ්‍ර කුළ ඩෙංගු කීටයන් බෝවන ස්ථාන රැසක් ඇති බවට හඳුනාගෙන ඇතැයි මෙම හමුවේදි හෙළි විය.
එහිදි අනුරාධා යහම්පත් මහත්මිය නාවික හමුදාව නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරිවරයාට කියාසිටියේ මෙම තත්ත්වය අවම කිරිම සදහා හැකි විගස කටයුතු නොකළහොත් නාවික හමුදාපතිවරයා දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවය.
මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වනවිට ඩෙංගු රෝගින් 2,048 හඳුනාගෙන ඇති බවද මෙම සාකච්ඡාවේදි හෙළි විය. ඉන්වැඩිම අවධානමක් ඇත්තේ ත්‍රිකුණාමලය, උප්පවේලි, කින්නියා සහ මූතුර් යන ප්රදේශවලය.
ඊට අමතරව පාසල් වල ඩෙංගු මදුරුවන් බෝෙවිම වැළැක්වීම සදහා සෑම ඉරු දිනකම දෙමාපිය ශ්‍රමදාන පැවැත්විමට කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කළේය.