දෙමළ ජාතික සන්ධානය මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කොට සිටින්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ඒම වැලක්වීමට බව දෙමළ ජතික සන්ධාන කිලිනොච්චිය දිස්ත්රීක් පාර්ලිමේන්තු මන්ත්රී එස්.ශ්රීධරන් මහතා කියා සිටියේය.
මන්ත්රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) දින යාපනයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.
එහිදී ශ්රීධරන් මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,
‘‘අයවැය දෙවන වර කියවීමේදී අපේ පක්ෂය මේ ආණ්ඩුවට සහය පළ කලා මොකද අපි සහය පලකලේ නැත්නම් මේ ආණ්ඩුව පෙරලෙනවා. ඒ කියන්නේ අපි ගෙනාපු ආණ්ඩුව අපිම ගෙදර යැව්වා වගේ වැඩක් .
ඒ වගේම එළඹෙන පස්වනදාටත් අයවැයට අපි සහය පල කරනවා අපි බොරු කියන්නේ නැහැ මොකද අපි මේ අයවැයේදී ඡන්දය ප්රකාශ කිරීමෙන් වැලකුණහොත් හෝ විරුද්ධව ඡන්දය ප්රකාශ කළහොත් මේ ආණ්ඩුව පෙරළිලා නැවත මහින්ද රාජපක්ෂ බලයට එනවා. ඔයාල කැමතිද මහින්ද රාජපක්ෂ බලයට එනවට.
ඒ වගේම තමයි යුද සමයේදී ජනසංහාරයක් කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙනවා. දෙමළ ජනතාවගේ සහයෙන් ජනාධිපති වෙන්න ගෝඨාභය දකින සිහිනය ඔහු අතහරින්න ඕන. මොකද අපේ ජනතාව ඔහුට කැමති නැහැ”.