අනුරාධපුර නගරයේ පිහිටි ලැඟුම්හලකදී රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරුට අයත් ඉදිකෙරිමින් පවතින නිවසක පසුපස සඟවා තිබූ ටී 56 ගිනි අවි දෙකක් අත්අඩංගුවට ගෙන තිබුණි
මෙම ගිනි අවි රත්ගම විදුර නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බවට අත්අඩංගුවට පත්වූ සැකකරු සඳහන් කර තිබේ.