ජාතීන් අතර අසමගිය ඇතිවන ලිපි සමග එජාප ප්‍රභල ඇමතිවරයෙකුගේ සේවකයන් අත්අඩංගුවට
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් සකස්කළ ලිපි 600ක් සමග් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල අමාත්‍යවරයෙකුගේ සේවකයන් තිදෙනෙකු බව කියන මෙම සැකකරුවන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තේගම, අලව්ව හා පොල්ගොල්ල පදිංචි අවුරුදු 28, 41 හා 24 යන වයස්හි පසුවන සැකකරුවන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ලපිවල රාජ්‍ය විරොධී වචන සහිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. කොටුව පොලිස් ස්ථානයට ලැබුණ තොරතුරක් මත අද සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

popular news
-
Champa Friday, 03 May 2019 11:32 AM
මගේ comments දෙකම පළකර නැත - තවම - බය ගුල්ලෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

