දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමඟාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ (28) පස්වරුවේ නියෝග කළේය.
ජල සම්පාදන අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.
ඒ අනුව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කරමින් එම ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර අමාත්‍යංශය හා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී ජලසම්පාදන අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.