ජපානයේ සිට පැමිණි සිසු සිසුවියන් 20 දෙනෙකුගෙන් සහභාගිත්වයෙන් මාතර මිරිස්ස ධිවර වරාය පවිත්‍ර කිරිමේ වැඩසටහනක් අද (26) පැවැත්වුණි .
එම සිසුන් සමඟ වෙරළ ආරක්ෂක බලකාය , වනජිවි ඒකකයේ නිලධාරින් , සහ ධිවර ප්‍රජාවගේ සහයෝගය ද මෙයට ලැබි තිබුණි .
මේ සම්බන්ධව අදහස් පළකල මිරිස්ස ධිවර වරායේ කළමනාකරු බි .එම් .ඒ නිරෝෂන් මහතා ,
‘‘ මිරිස්ස ධිවර වරාය පවිත්‍ර කිරිමේ වැඩසටහන අද දිනයේ දවස පුරා පැවැත්වෙනවා . අපගේ බලාපොරොත්තුව තමයි මෙම වෙරළ කලාපය ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත්කර ගැනිමයි .
මෙහි විශේෂත්වය තමයි ලංකාවේ අධ්‍යයන කටයුත්තක් සඳහා පැමිණි ජපන් සිසු සිසුවියන් 20 දෙනෙක් මෙයට සම්බන්ධ විමයි . ඔවුන් මාතරට පැමිණ ලංකාවේ සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙලා ඉන්න අතරවාරයේ තැන තැන කුණු සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය තියෙනවා දැකලා තමයි මෙහෙම දෙයක් කරමු කියලා අද මේ පවිත්‍ර කරන්න සම්බන්ධ වෙන්නේ .
විදේශිකයන් මෙරටට පැමිණ මේ කටයුතුවල නිරතවෙන නිසා අපේ ධිවර ප්‍රජාව සහ සංචාරකයන් තැන තැන අපද්‍රව්‍ය දාන එක නතර කරාවි කියලා අප විශ්වාස කරනවා’’යැයි පැවසිය .
මාතර - මහේෂ් මලවරආරච්චි