2010 වසරේදී සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
වර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩු පහක් පනවා තිබුණි. එම නඩුවලින්ප 2010 වසරට අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හිටපු අමාත්‍යවරයා 2010 වසරේ නඩුවට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස (29දා) නියෝග කළේය.