මේ වසර අවසානයේදී පවැත්වීමට නියමිත ජනපතිවරණය කල් දැමීම වෙනුවෙන් ආණ්ඩුව ඇතැම් වැඩ කටයුතු සිදුකරමින් පවතින බව ජනපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. කොළඹදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මන්ත්රී හමුවකදී ඔහු මේ බව පැවැසීය.
”මේ වසර ඇතුළතදී ජනපතිවරණයක් පැවැත්විමට නියමිතව තිබෙනවා. විවිධ වර්ගයේ නූල් සූත්ර දියත් කරමින් ඉන්නවා මෙම ජනපතිවරණය වැළැක්වීමට හා කල්දැමීමට.
කවර නූල් සූත්ර දැන්මත් මේ වසර අග වෙන්න කලින් ජනපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අපේ රට සුවිශේෂී සංධිෂ්ඨානයකට හැරවෙන එක මේ ජනපතිවරණයෙන් නිසැකයි. බොහෝ අය කඳවුරු තුනක් ගැන කථා කළත් මෙතන තිබෙන්නේ අශිෂ්ඨත්වයට එරෙහිව ශිෂ්ඨත්වයේ සටනක්.”