කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වීද්‍යා පිඨ රෝහල ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
සියලුම සායන කටයුතු මෙන්ම ශල්‍යාගාර ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
විද්‍යාපීඨ රෝහලේ පවතින සියලු අඩුපාඩු කඩිනමින් විසදා පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් කිරිමට පියවරගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 68 දෙනෙකුගේ අවශ්‍යතාව ඉටු කරනු ලබන්නේ 40 දෙනෙකු විසිනි. සාමාන්‍ය වෛද්‍යවරු සිය දෙනෙකු පමණ අවශ්‍ය වුවද ඒ සඳහා සේවය සපයනු ලබන්නේ විසි දෙනෙකු පමණ බව අනාවරණය විය.
ඇඳන් 700කින් සහ වාට්ටු 09කින් සමන්විත රෝහලේ දැනට ක්‍රියාත්මක වන්නේ වාට්ටු 04ක් පමණි. සියලු අඩුපාඩු කඩිනමින් සම්පුර්ණ කිරිමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී දැන්වීම් පළ කර නිසි ක්‍රමවේදයකට අනුව එය ඉටුවිය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.