ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වු පුත්තලම නගරයේ පැවති රැස්විමකට බලහත්කාරයෙන් කඩා වැදිමට සුදානම් වු විරෝධතාවය මෙහෙය වු ප්‍රාදේශීය දේශපාලඥයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 20 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනිමට මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ඒ චන්ද්‍රසේන මහතා පැවසිය.
පසුගිය 22 දින පුත්තලම ශක්ති ක්‍රිඩාංගණයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පුත්තලම දිස්ත්‍රික් ග්‍රාම ශක්ති රැස්විම පැවති භූමියට බලහත්කාරයෙන් කඩා වැදිමට සුදානම් වු පිරිස අතරින් මෙම පිරිස හදුනාගෙන ඇති බව ත් පොලිස් පරික්ෂවරුන් සහ උපපොලිස් වරුන් ඇතුළු විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ වනවිට යොදවා හදුනාගෙන ඇති බවත් ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට අදාළ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් අධිකාරිවරයා පැවසිය.
මෙම සැකකරුවන් ඇතුළු පිරිස් පසුගිය 22 දින අරුවක්කාඩු කසල අංගණයට විරෝධය දක්වා ජනාධිපතිවරයා පුත්තලමට පැමිණි අවස්ථාවේදි සාකච්ඡාවක් සඳහා හමුවිය යුතු බව දන්වා මෙසේ විරෝධතාවයේ යෙදි තිබුණි.
කෙසේ වෙතත් විරෝධතා කරුවන් ජනාධිපතිවරයා සහභාගිවු රැස්විමට කඩා වැදිමට සුදානම් වු අවස්ථාවේ දි පොලීසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරමින් පළවා හැරිමට කටයුතු කර තිබු බව පොලීසිය පවසයි.
මෙම විරෝධතාවයට එක්වු පිරිස අතරින් එය මෙහෙය විමට කටයුතු කල ප්‍රධාන සැකකරු 24 දින අත්අඩංගුවට ගෙන තිබු බවද පොලීසිය පවසයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විඩියෝ දර්ශන සහ තවත් සාක්ෂි රැසක් උපයෝගි කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නියමිත බවද වාර්තා වෙයි .
අත්අඩංගුවට ගැනිමට නියමිත පිරිස අතර සිටින දේශපාලඥනයින් දෙදෙනාගෙන් එක් අයකු හිටපු පළාත් සභා මන්ත්‍රිවරයකු වන අතර අනෙක් තැනැත්තා පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු ද වන බවද පොලිසිය පැවසිය.