කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෙම සමුළුවට එක් වෙයි.
‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්’ යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත් වේ.
එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට ආරම්භ කෙරෙන අතර, හෙට දහවල් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මහතා ඇතුළු රාජ්‍ය තාන්ති්රකයෝ කිහිප දෙනෙකු ද සමුළුවට සහභාගීවීමට නියමිතය.
සිය සිවු දින කෙන්යා නිල සංචාරයේ දී ජනාධිපතිවරයා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාද හමුවීමට නියමිත ය.
1970 වසරේ දී නිල රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා පිහිටුවාගත් ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින්නේ මිත්‍රශිලි සබඳතාවයකි. දෙරට ම පොදුරාජ්‍ය මණ්ඩලයේ හා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල් වෙයි.