Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (11දා) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස්ද ක්වමිනි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.
ඒ නිසා ගමේ පාක්ෂිකයා අකමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයින්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැ.
ස්ථිර වශයෙන්ම ඊළග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රි ලංකා පොදජන පෙරමුණෙන්. ඒ අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුව.”
popular news
Champa Monday, 11 February 2019 07:30 PM
ස්ථිරවම ඊළඟට ජනාධිපති වෙන්නේ පොහොට්ටුවේ කෙනෙක් දැන් නෙමෙයි. පොහොට්ටුවේ ප්‍රතිපත්ති යූඑන්පී එකේ ප්‍රතිපත්ති වලටත් වඩා දේශද්‍රෝහියි. මොනවාද ප්‍රතිපත්ති? බැසිල්ම පත්තරේකට කියපු විදිහට, සිංහල ජාතිකත්වවදයට විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි තරුණ පරපුරට ඒ ගැන විරුද්ධ වෙන්න දැනුවත් කරන්නත් ඕනේ කිව්වා. ඊළඟට සිංහලයන්ට රටේ නායකයා තෝරන්න තියෙන එකම අවස්ථාව වෙන විධායක ජනාධිපති ධූරය නැති කරනවා කිව්වා. ඊළඟට බලය පුළුවන් තරම් බෙදන්න ඕනේ කිව්වා. ඒ කතාව රනිල්ගේ ෆෙඩරල් වලටත් වඩා එහාට ගිය කතාවක්. ඊළඟට හිරේ ඉන්න LTTE ත්රස්තවාදීන් නිදහස් කරන්න ඕනේ කිව්වා. ඊට කලින් ප්‍රාදේශීය සභා චන්දෙ කාලේ උතුරට ගිහින් කිව්ව යුද්ධේ කාලේ තනි තනිව අපරාධ කරපු හමුදා භටයෝ ඉන්නවා කියලා. මේවා තමයි පොහොට්ටුවේ ප්රත්පත්ති. මිනිස්සු චන්දෙ දෙන්නේ තමන් කැමති මිනිහට මිසක් පොහොට්ටුව හෙවත් බැසිල් කැමති මිනිහට නෙමෙයි. අනිත් එක මොන විදිහකටවත් පොහොට්ටුවට ඊළඟ පාර්ලිමේන්තුවේ 2/3 බලය දෙන්න හොඳ නැහැ. පොහොට්ටුව නෙමෙයි වෙන් කිසිම පක්ෂේක්ට. මොකොද මේ හැමෝම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියල කියලා තියෙන නිසා. එලඟ චන්දෙදි අලුත් පක්ෂයක් තුන්වෙනි බලවේගය විදිහට පාර්
Reply : 0 7
Champa Monday, 11 February 2019 07:42 PM
අනික් පොහොට්ටුවේ සාමාජිකයෝ කියල දැන් තනියම අයිති කරගෙන ඉන්නේ 2015 පෙබරවාරි 18 විමල් නැගිට්ටවල ගත්ත මිනිස්සු. එදා විමල් තමයි මහින්ද වෙනුවෙන් මුළු රටම එකතු කලේ. එතකොට බැසිල්ල ගෝඨාභය කවුරුවත් හිටියේ නැහැ මහින්ද වෙනුවෙන්. එදා විමල් ඇහැරවපු සිංහයෝ තමයි අදටත් රට වෙනුවෙන් ඉන්නේ. බොහෝ දෙනෙක් නිශ්ශබ්ද වුනත් නියම වෙලාවට කතා කරයි. ගෝඨාභයයි බැසිලුත් ආයේ එනවා කියලා දන්නවා නම් මිනිස්සු මහින්ද වෙනුවෙන්වත් එන්නේ නැහැ. දැන් පැහැදිලිවම පේනවා එදා විමල් ගොඩ නඟපු මහ ජන පවුරට මහින්ද අයිති නැහැ කියලා. දැන් මහින්දව පාලනය කරන්නේ බැසිල් සහ නාමල්. අර පොඩි කාලෙට බලය ලැබූ හැටියේ සම්පන්දන්ව මහින්දගේ ගෙදෙරට එන්න කියලා උදව් ඉල්ලුව. අනික නාමල් කිව්වා හිරේ ඉන්න දරුණු ත්‍රස්තවාදියෝ නිදහස් කරනවා කියලා. ඊළඟට මහින්ද අගැමති වුනු ගමන් ප්රභාකරන් ඉන්නකොටවත් නැති තරම්, රනිල්වත් ඉඩ දුන්නේ නැති තරම් මහා ඉහලින් මුළු උතුරේම පහන් පත්තු කරලා ප්රභාකරන්ගේ මහ විරු සැමරුවා අර සුබස්කරන්ගේ සල්ලි වලින්. මේවා මිනිස්සු බලාපොරොත්තු වුනු දේවල් නෙමෙයි. විමල්, මහ බයගුල්ල දැන් කට වහන් ඉන්නවා හිරේ දායි කියල. ඇත්තමයි මට හම්බ වුනොත් ගහනවා විමල්ට
Reply : 0 7
Don Monday, 11 February 2019 07:54 PM
එතකොට අයියගේ පක්ෂෙට මොකදවෙන්නේ ? මෛත්‍රීට මොකදවෙන්නේ? අත, බුලත්කොළය, දෑකැත්ත සමග මිටිය, උදැල්ල සමග මිටට මොකද වෙන්නේ? Darley Road SLFP නිවස අතහැරලා මල්වානේ මන්දිරේද කාර්යාලය පවත්වන්නේ?
Reply : 0 5
Nandana Monday, 11 February 2019 09:21 PM
Mr . 5% ඔයාව අපිට හොඳට මතකේ ඇත
Reply : 0 5
dhamneth Monday, 11 February 2019 09:40 PM
එහෙම කොහොමද දවස් පනස් එකකට අගමැතිකම දුන්නට කෙලෙහිගුණ සලකන්න එපාය .
Reply : 0 4
Champa Tuesday, 12 February 2019 06:24 PM
බැසිල්ගේ කතාවෙන් තේරෙන්නේ රාජපක්ෂවරුන්ට හැර මේ රටේ වෙන කාටවත් ඉඩක් නැහැ කියන එක. මිනිස්සු වැඩ කරන්න ඕනේ රාජපක්ෂවරු කියන විදිහට විතරයි කියන එක. එහෙම කොහොමද? මිනිස්සු මෛත්‍රීටයි රනිල්ටයි විරුද්ධ වුනේ 2015 චන්ද ප්‍රතිපල ආපු දාට පහුවෙනිදමයි, ඒ කියන්නේ 2015 ජනවාරි 9. ඊට පස්සේ ඒ විරෝධය ජන ගඟක් වගේ ඇවිල්ල පෙන්නුවේ 2015 පෙබරවාරි 18 විමල්ගේ නුගේගොඩ රැස්වීමේදී. ඊට පස්සේ විමල්ගේ අනිත් රැස්වීම් වලදී. විමල්ගේ රැස්වීම කියල කියන්නේ ඒ රැස්වීම්වලට රාජපක්ෂවරු හිටපු නැති නිසා. බැසිල් ඒ වෙනකොට රටෙන් පැනල ගිහින්. පොහොට්ටුවේ අද ප්‍රතිපත්ති, 2015 ඉඳන් රට වෙනුවෙන් ඉස්සරහට ආපු මිනිස්සු අනුමත කරන ප්‍රතිපත්ති නෙමෙයි. මමත් 2015 පෙබරවාරි මුල ඉඳන් ලියනවා. හිතන්න එපා අපිත් අතාරියි කියලා. බැසිල්ගේ කතාවෙන් පස්සේ හිතෙන එකම දේ තමයි ඊළඟ මමැතිවරණෙට රාජපක්ෂවරු නැති අලුත් පක්ෂයක්, අලුත් නායකත්වයක් ජනතාව අතරින් බිහි වෙන්න ඕනේ කියන එක. මෙහෙම කියන කොට සමහරුන්ට අම්මෝ කියැවෙනවා. ඒ මොකොද රාජපක්ෂලාට එච්චර බයයි. ධනයට බලයට ඔලුව නවන්නේ නැති අලුත් දැක්මක් තියෙන අලුත් නායකත්වයක් ලංකාවට අවශ්‍යයි. හැබැයි මහින්දට සුදුසු ගෞරවය දෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd