වත්මන් රජය යටතේ අංග සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ලෝක බැංකුවේ ආධාර මත ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය පිළිබඳව ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට ඊයේ(12) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“යහපාලන රජය මගින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට හිමිකර දී තිබෙනවා. වත්මන් රජය ධනපති රජයක් බව ප්‍රකාශ කළත්, ධනපති රජයෙන් දුප්පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් විධිමත්ව ලබාදෙනවා. ඖෂධ මිල අඩු කළේ ද වත්මන් රජය විසින්. විප්ලවවාදී රජයක් විසින් ඖෂධ මිල අඩු කළේ නැහැ. බෝ නොවන රෝග වලින් ජනතාව බේරා ගත යුතුයි.
වර්තමානයේ බෝනොවන රෝග විශාල අභියෝගයක්. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් රෝගී ජනතාවට විශාල සහනයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහ කියුබාවේ හොඳම සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගොඩනැංවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලෝක බැංකුව ලබා දී තිබෙනවා. එම මුදලින් ක්ෂේත්රය තුල විශාල ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනයක් සිදු කළ හැකියි.
මෙහිදී වැදගත් වන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයයි. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් සහයෝගය ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසිය.”
කෂිනි හපුආරච්චි