ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපති පවසයි.
එහෙයින් අවශ්‍යතා හඳුනාගනිමින් පොරොන්දු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) පෙරවරුවේ අරලිගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අමතමින් සඳහන් කළේය.
තරුණයාගේ මෙන්ම සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමට තම රජය හැකි උපරිමයෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
තමා ජනාධිපති ධූරයට පත් කළා සේම සිය ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යාමට තරුණ සහාය අපේක්ෂා කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.
ගත වූ වසර 05ක කාලයේදී රටේ ආර්ථිකය මෙන්ම රාජ්‍ය ආයතන සියල්ලම බිඳ වැටී ඇති බවත් ආර්ථිකය ශක්තිමත් කොට ලාබ ලබන ඉහළ කාර්යක්ෂමතාවක් සහිත රාජ්‍ය ආයතන පද්ධතියක්
දියුණු රටවල් ආදර්ශයට ගනිමින් වයස අවුරුදු 20ක් වන විට විශ්වවිද්‍යාලයෙන් තරුණයන් රැකියා සඳහා යොමු විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. විශ්ව විද්‍යාලවලට බඳවා ගැනිමේ දී මෙන්ම නවක වදය හේතුවෙන් සිදුවන හානිය පිටුදැකීමට කාලය එළැඹ ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.