එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රුවන් විජයවර්ධන මහතා පත් කරන ලෙස වූ යෝජනාවක් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිල වශයෙන් භාරදීමට සූදානම් බව ජාතික යොවුන් පෙරමුණේ ප්‍රධාන ලේකම් දර්ශන චතුරංග බ්‍රහ්මණ මහතා පැවසීය.
ජාතික යොවුන් පෙරමුණේ විධායක සභාව රැස් වී එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සඳහා සුදුසු යැයි නම් කිහිපයක් යෝජනා වූ බැවින් ඡන්ද විමසීමක් සිදු කළ බවත්, එහිදි විධායක සභිකයන් 42 දෙදෙනාගෙන් 32 දෙනෙකු රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් ඡන්දය භාවිත කර තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව ජාතික යොවුන් පෙරමුණ විසින් එක්සත් ජාතික පක්ෂයට කරණු ලබන යෝජනාවන් ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රුවන් විජයවර්ධන මහතා පත් කරන ලෙස වූ යෝජනාව රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ බවත්, ඉදිරියේදී එය නිල වශයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී එක්ව කටයුතු කළ යුතු බව තම පෙරමුණ විශ්වාස කරන බැවින් ඒ සඳහා නායකත්වය දිය හැකි මධ්‍යස්ථ වූ එකම පුද්ගලයා රුවන් විජයවර්ධන මහතා බවද බ්‍රහ්මණ මහතා සඳහන් කළේය.