ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නි ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා සහ දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා ඇතුළු නිලධාරිහු රැසක් එක්ව සිටියහ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් පරිසර ඒකක නිලධාරින්, පාසල් සිසුවියන් සහ ධීවර නියෝජිතයන් රැසක්ද මෙම ශ්‍රමදානය සඳහා එක්ව සිටියහ.
ඩෙංගු මර්දනය කිරිම සඳහා ජනමාධ්‍ය සතුව තිබෙන කාර්යභාරය ඉතා වැදගත් බවත් මෙහි ප්‍රචාරණ යාන්ත්‍රණයක් වශයෙන් ජනතාව නිරන්තර දැනුවත් කිරිමට ජනමාධ්‍ය පෙරට ආ යුතු බවත් මෙහිදි අමාත්‍ය පවිත්‍රා දේවි වන්නි ආරච්චි මහත්මිය පවසා සිටියේය.
එහිදි අමාත්‍යවරිය ධීවර වරාය භූමිය අවට නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව හා ගාල්ල නගර සභාව වැඩසටහන සංවිධානය කර තිබිණි.
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට