එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට යන ජාතික ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේතම සම්බන්ධ කර නොගන්නා බව ෆීල්ඩ් මාෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය. ඊයේ (31දා) ගම්පහදී ඔහු මෙම අදහස් දැක්වීය.
“ජාතික ආණ්ඩුවකට යන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් සමග නෙමෙයි. අපිත් එක්ක එන්නවා මුස්ලිම් කොංග්‍රසයේ අලියා ලකුණින් තරග කරපු නැති අය. ඔවුන් සහභාගි වේවි. ඊට අමතරව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැරලා ආපු කට්ටියක් ඉන්නවාත ඒ අයත් එක්ක ව්‍යවස්ථානුකූලව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න බලාපොරොත්තුවෙනවා”