ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීමේ අදහසින් නොවන බව අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කරයි.
බලංගොඩ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව පැවැසුවාය.
එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
“ජාතික ආණ්ඩුවක් පිහිටුවන එක ගැන තවම මොකුත් කියන්න බැහැ.මට හිතෙනවා ඇමතිවරුන්ගේ සංඛ්‍යාව පාලනය කරන්න ඇමතිවරුන්ගේ සංඛ්‍යාව තීරණ වෙන් ඕන. රටේ වැඩ කටයුතු දිහා බලලා. විශාල ඇමති මණ්ඩලයක් අවශ්‍යද කියලා අපිටත් ගැටළුවක් තියෙනව.
ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය වෙන්නේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නෙමෙයි. ජනාධිපතිතුමා පත් කළේ අගමැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අපි විශාල කැපවීමක් කරලා.එ තකොට අපිත් ජනාධිපතිතුමාත් එක ආණ්ඩුවක් විදිහට වැඩ කර ගෙන යන්න නම් ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය තියෙනවා. ඒක අවසානයේ පාර්ලිමේන්තුව විසින් තීරණය කරන්න ඕන.”