දැයේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාව මේ මොහොතේ ප්රමුඛ අරමුණ කරගනිමින් සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඒ සදහා වැඩි ඉඩක් ලබාදෙන්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා.
මේ සදහා දීර්ඝකාලීන ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසෙන තුරු ජාතික අවශ්‍යතාවක් විදියට සලකා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ රාජ්‍ය අමාත්‍ය සිසුල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරුණා.
අධ්‍යාපනය වෙනුවෙන් වෙනම නාලිකා කිහිපයක් ආරම්භ කරන තෙක් මෙම වැඩපිළිවෙළ සතියක් තුළ ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.
වාණිජ අරමුණු පසෙකලා දැයේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා උදෙසා මාධ්‍ය ආයතන ජාතික වගකීමකින් කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ වන විටත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක් සාධනීය දායකත්වයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ශිෂ්‍යත්වය,සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉලක්ක කර මෙම වැඩපිළිවෙළ මූලිකව ආරම්භ කළ යුතු බවටද කැබිනට් රැස්වීමේදී ද සාකච්ඡා වී තිබෙනවා. මෙහි මූලික පියවරක් ලෙස අත්‍යවශ්‍ය නොවන වැඩසටහන් තාවකාලිකව ඉවත් කර ඒ වෙනුවට උපරිම ලෙස අධ්‍යාපනික හා ඉගැන්වීම් වැඩසටහන් එක් කරන ලෙස අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන ප්රධානීන්ටද උපදෙස් ලබා දුන්නා.