2019 වර්ෂය වනවිට මෙරට ග්රාහකයන් සතුව ජංගම දුරකථන තුන්කෝටි විසිඅට ලක්ෂ අසූහතරදාස් නවයක් තිබෙන බව පසුගිය වර්ෂය සඳහා නිකුත් කළ මහ බැංකු වාර්තාවේ සඳහන් කර තිබේ.
ඒ අනුව පුද්ගලයන් 100 දෙනෙකු ගත් විට ඔවුන් සතුව ජංගම දුරකථන 161ක් පමණ තිබෙන බව එම වාර්තාවේ දක්වා ඇත.
මේ අතර ස්ථාවර දුරකථන විසිදෙලක්ෂ අනූනවදහස් හත්සියය හැටක් මෙරට පුද්ගලයන් සතු වන බවත්, ඒ අතර රැහැන් සහිත දුරකථන දොළොස් ලක්ෂ හතළිස් හතරදහස් පන්සියය හැටනවයක් සහ රැහැන් රහිත දුරකථන දසලක්ෂ පනස් පන්දහස් දෙසියය දහ අටක් තිබෙන බවත් එහි සඳහන් කර තිබේ.
මීට අමතරව 2019 වර්ෂය වනවිට ග්රාහකයන් එක්කෝටි තිස්හතර ලක්ෂ අටදාස් හාරසියය තුනක් ජංගම දුරකථනද ඇතුළුව අන්තර්ජාල සේවාවන් භාවිත කරන බවද මහ බැංකු වාර්තාවේ සඳහන් කර ඇත.
මෙම සියලු දත්ත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇති බවද එම වාර්තාවේ දක්වා තිබේ.