පසුගිය දින දෙක (8 සහ 09) තුළ ජාඇල ප්‍රාදේශිය සභාවේ නිලධාරින් දෙදෙනෙකු ඇතුලූ සේවකයින් සත් දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයන් ලෙස තහවුරු විමෙන් අනතුරුව ජාඇල ප්‍රාදේශිය සභාව මේ වන විට තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති බව ජාඇල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබිලිවි.එමි.වයි.විජේසිංහ මහතා පවසයි.
හදුනාගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයන් අතර ප්‍රාදේශිය සභාවේ වැඩ අධිකාරි,සැපයුම් නිලධාරි ඇතුලූ රියදුරන් පස් දෙනෙකුත් සෞඛ්‍ය අංශයේ සේවකයින් දෙදෙනෙකුත් වන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පවසයි.
ආසාදිතයන්ගේ සමිප ආශ්‍රිතයන් ගණනාවකගේ තොරතුරු අනාවරණය වි ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
ජාඇල ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුලූ මන්ත්‍රි වරුන් කිප දෙනෙකු ඇතුලූ විවිධ අංශ වල සේවකයින් 70 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට පිසිආර් පරික්ෂණ සදහා යොමු කොට ඇත.
ප්‍රාදේශිය සභාවේ සියලූම සේවකයින් අද දින (09) තුළ පිසිආර් පරික්ෂණ සදහා යොමු කිරිමට කටයුතු යොදා ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පවසයි.
ජාඇල ප්‍රාදේශිය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පවසන්නේ දින 14 ක් ප්‍රාදේශිය සභාවේ සියලූ කටයුතු නවතා ප්‍රාදේශිය සභා කාර්යාලය වසා දැමිමට කටයුතු යොදා ඇති අතර මන්ත්‍රිවරුන් සියලූ දෙනාද නිරෝධායනය සදහා යොමු කොට ඇති බවය.
ප්‍රාදේශිය සභාවේ සියලූම තරාතිරමේ සේවක පිරිස් කෝවිඩ් 19 වසංගත තත්ත්වයෙන් බේරා ගැනිමට අවශ්‍ය කටයුතු ගෙන ඇති බවද සභාපතිවරයා පවසයි.
ජාඇල තිස්ස කොටින්කඩුව