ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද (27) දින වන විට කොරෝනා ආසාදිතයන් 77 වාර්තාවි ඇති බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබිලිවි.එමි.වයි.විජේසිංහ පවසයි.
මෙයින් වැඩිම පිරිසක් වාර්තා වි ඇත්තේ කදාන,ඒකල,නිවන්දම කොට්ඨාස වලින් බව ඔහු සදහන් කරයි. මේ වන විට කදානෙන් 31ක් ඒකල 23 ක් සහ නිවන්දමින් 13ක් රෝගින් වාර්තා වි ඇති අතර බටගම සහ හපුගොඩ කොට්ඨාස වලින් රෝගින් 7ක් සහ තුනක් වාර්තා වි ඇති බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසයි.
වාර්තා වි ඇති ආසාදිතයන් අතරින් 36 දෙනෙකු පැලියගොඩ කොරෝනා ආසාදියන්ගේ පොකුරේ ආශ්‍රිතයන් බවට තොරතුරු ලැබි ඇති බවද මේ වන විට ජාඇල නගර සභා හා ප්‍රාදේශිය සභා කොට්ඨාසවල පුද්ගලයින් 1000 කට ආසන්න සංඛ්‍යාවක් පිසිආර් පරික්ෂණ සදහාත් 400 කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බවත් ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වාර්තා කරයි.
ජාඇල තිස්ස කොටින්කඩුව