ජා -ඇල ඉතිරි කිරීමේ බැංකුව නැවත දැනුම්දෙනතුරු අද සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
බැංකුවේ කාර්යමණ්ඩල සාමාජිකාවකට කොවිඩ් 19 රෝගය වැලදී ඇතැයි තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.
ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පවසා සිටියේ අදාල බැංකු සේවිකාව කොවිඩ් ආසාදිත යැයි තහවුරු වීමත් සමග ඇයගේ ප්‍රථම ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කල බවත් ඉදිරියේදී ඔවුන් සදහාද PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත්ය.
ප්‍රසංග පෙරේරා