කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ සිනෝෆාම් සමාගම නිපදවූ එන්නතේ මාත්රා ලක්ෂ තුනක් ශ්රී ලංකාවට ප්රධානය කිරීමට නියමිත බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම එන්නත් තොගය පෙබරවාරි මස මැද භාගයේදී ශ්රී ලංකාවට ලැබීමට නියමිත අතර ශ්රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව මෙම එන්නත් මාත්රා තොගය ශ්රී ලංකාවට ලබාදෙන බවද තානාපති කාර්යාලය පවසයි.
සිනෝෆාම් එන්නත මේ වන විටත් ලෝකයේ රටවල් කිහිපයකම භාවිත කරන අතර ලෝක නායකයන් කිහිප දෙනෙක්ම මෙම එන්නත ලබාගෙන තිබේ.