බීජිං (ෂින්හුවා) - COVID-19 ට එරෙහි ගෝලීය සටනට සහය දැක්වීම සඳහා චීනය විසින් COVID-19 එන්නත් මාත්‍රා මිලියන 600 කට අධික ප්‍රමාණයක් ලොවට ලබා දී ඇති බව චීක වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
රටවල් 200 කට අධික සංඛ්‍යාවක් සඳහා මුව ආවණ බිලියන 300 ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල බිලියන 3.7 ක් සහ පරීක්ෂණ කට්ටල බිලියන 4.8 ක් ලබා දී ඇති බව වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන ලී සිංකියන් මාධ්‍ය හමුවකට පැවසීය.
COVID-19 මධ්‍යයේ වුවද, චීනය ඉතා ඉක්මණින් අනුවර්තනය වී ලොවට වෛද්‍ය සැපයුම් සහ වෙනත් නිෂ්පාදන සැපයීම සඳහා වේගයෙන් ඉදිරියට ගොස් ඇති අතර එය ගෝලීය වසංගත විරෝධී ප්රයත්නයන් සඳහා දායක වී ඇති බව ලී පැවසීය.