නව කොරෝනා වෛසරය දේශපාලනීකරණය කිරීම නවත්වා එක්සත් ජනපදය වෛරසය පරාජය කිරීම සහ ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් සිකුරාදා පැවසීය.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් "චීන කොමියුනිස්ට් පක්ෂයේ තොරතුරු විශ්වාස කිරීම අසීරු" බවත් "ඔවුන් එක්සත් ජනපදය නොමඟ යවන බවත් " කළ ප්‍රකාශයට පිිළිතුරු දෙමින් ඔහු ඉහත අදහස් දැක්වීය.
COVID-19 පුපුරා යාමෙන් පසු චීනය වඩාත් පුළුල්, දැඩි වැළැක්වීමේ සහ පාලන ක්‍රියාමාර්ග, විවෘත, විනිවිද පෙනෙන හා වගකිවයුතු ආකාරයකින් ගෙන ඇති බවත් වසංගතය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සක්‍රීයව ප්‍රවර්ධනය කර ඇති බවත් ෂාවෝ පැවසීය.
"මුල් දිනවල එක්සත් ජනපදය නොමඟ යැව්වා නම් හෝ ප්‍රමාණවත් තොරතුරු නොමැති නම්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ජනවාරි 15 වන දින කොරොන වයිරස් ආශ්රිත රෝගයට එරෙහිව පූර්වෝපායයන් නිකුත් කරන්නේ කෙසේද? එක්සත් ජනපදය ජනවාරි මාසයේදී වූහාන් හි පිහිටි සිය කොන්සල් කාර්යාලය වසා දමා එහි සියලුම කාර්ය මණ්ඩලය ඉවත් කර ගත්තේ ඇයි? අවසන් දින 14 තුළ චීනයේ සිටි චීන ජාතිකයින්ට සහ විදේශීය ජාතිකයින්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කළේ ඇයි? “ ඔහු ප්‍රශ්න කළේය.
චීනයට චෝදනා කිරීමෙන් වෛරසය දුරු කළ නොහැකි බවත් ජාත්‍යන්තර ප්‍රජාවට වසංගතයට එරෙහි සටන ජයගත හැක්කේ සාමූහික ප්රයත්නයන් මගින් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
"වෛරසය පරාජය කිරීම සහ ආර්ථිකය නංවාලීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස අපි එක්සත් ජනපද පාර්ශවයෙන් ඉල්ලා සිටිනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.