මෙතෙක් ශ්‍රී ලංකාවට එක්වරකදී ලැබෙන විශාලම එන්නත් පරිත්‍යාගය වශයෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් අද දිනයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.
මෙම ඒන්නත් තොගය රැගෙන ඒ්ම සඳහා ශ්‍රී ලනක්න් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් චීනය බලා පිටත්ව ගියේය.
කෙසේ වෙතත් චීනයේ බීජින් නුවරට බලපා තිබූ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒම තරමක් ප්‍රමාද වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
එන්නත්වලට අමතරව එන්නත්කරණය සඳහා අවශ්‍ය සිලින්ජර් මිලියන 1.6ක්ද මේ සමගම චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
මීට පෙර අවස්ථා දෙකකදී චීනය ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 1.1ක් පරිත්‍යාග කළේය.