ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යාංශ උපුටා දක්වමින් සඳහන් කළේ ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙපළ අතර සාකච්ඡා පැවැත්වූ බවයි.