ඝෝෂාකාරී නලා වටලන්න ජනපතිගෙන් උපදෙස්
අධික ශබ්දයක් සහිතව ශබ්ද දූෂණය වන අයුරින් වාහනවල සවිකර ඇති නලා වැටලීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දී තිබේ.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ඩෙසිබල් 105ට වැඩි නලා ඇති වාහන වැටලීම වෙනුවෙන් ඉදිරියේදි පොලිස් ස්ථාවලට උපදෙස් ලබාදී තිබේ.
මෙම ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමටද බස් සංගම් එකග වී තිබේ.
popular news
-
ලංකාදීප පාඨක Saturday, 06 April 2019 11:00 PM
පපුවට මිටියකින් ගහනව වගේ දැනෙන සංගිත සංදර්ශනත් බස් ඇතුලේ තියෙනවා! මෙම ශබ්ද අධික මානසික පීඩනයක් ඇති කරනවා! ඇතැම් ශබ්ද දරාගෙන සිටිමට පවා අපහසුයි! පොදු ප්‍රවාන සේවය පාචිච්චිකරන මේ රටේ මිනිසුන්ගේ අනෙක් ප්‍රවාහන ගැටලු සම්බන්ධව සංවේදි හො කිසියම් අවබෝධයක් ඇති දේශපාලක තුමෙකු මේ ගැන සිත යොමු කර මේ ප්රශ්නය විසඳා දෙන්න!
Reply : 15 6
රුක්මාල් Sunday, 07 April 2019 12:56 PM
හෝන් කරදරේ ඉවර කරන එක මහ ලොකු වැඩක් නෙවෙයි.... පොලිසියට බයේ ඕක කොහොමත් අයින් කරනවා... පුලුවන් නම් විල්පත්තුවේ හානිය නවත්තනවකෝ හිටන්.....
Reply : 0 1
මල්ලවආරච්චි Sunday, 07 April 2019 02:53 PM
රටේ ප්‍රශ්න ගැන පාලකයෝ දැන ගන්නේ එම ප්රශ්නය කුරුවල් වි මහා වසංගතයක් වු පසුවය. කෙසේවෙතත් පසුව හෝ ජනපතිතුමාගේ අවධානය මේ ගැන යොමු වීම ඉතා අගය කළ යුතුයි. අද වන විට පොදු ප්‍රවාහන බස්රථ මහා සමාජ බේදවාචක වි ඇත කාලය විනාශ කරනවා මෙන්ම, එය ජනතාවට දැඩි පීඩනයක් ඇති කරයි. එහි ප්‍රධාන කාර්ය වු "මගි-ප්‍රවාහනය" බව අමතක කර ඇත. බස් රථ විවිධ රැජිනයන් බවට පත්ව ඇත. විවිධ පාට ගා ඇත. වයිවාරන්න ලයිට් ඇතුලේ ද පිට ද සවිකර ඇත. පපුව පුපුරන තරම් ඝෝෂාවන්ය. ඇතැම් ඒවා සිනමාශාලා වැනිය. ඇතැම් ලංගම බස්වලද මෙම අධික ශබ්දය ඇති සංගීත සංදර්ශන ඇත. මෙම බස්වල ගමන් කරිමේදි ගත කරන කාලය කා දැමිමට අමතරව මෙම ශබ්ද සහ ආලෝක පීඩනය මගින් කොතෙකුත් අපහසුවෙන් වුවද විඳ-දරාගත යුතුය. බස් එකේ ඩ්‍රයිවර්ට හෝ කොන්දොස්තර කොලුවාට මෙම තත්වය තේරුම් ගැනීමට අධ්‍යපනික මට්ටමක් නැත හෝ මානව-සංවේදිබවක් නැත. ඔවුන්ට තේරෙන එකම භාෂාව "දඩ කොළ පමණි". දිනෙන් දින පිරිහෙන රටක අවම වශයෙන් මිනිස්සුන්ට කාලය ඉතිරි කරගනිමින්, පීඩනයෙන් තොරව සැහැල්ලුවෙන් තම ගමන්-බිමන් අවශ්‍යතා ඉටු කරගැනීමට ඉඩ සලසා දීම මහ ජාතික සේවයක් වන්නේය.
Reply : 10 29
Champa Sunday, 07 April 2019 08:19 PM
මොනවා? දැන් උපදෙස් දෙනවා? ඔය හෝන් වටලන වැඩේ දැන් සති කිහිපයක ඉඳන්ම පොලිසිය සිද්ද කරන වැඩක්නේ. අර TV එකෙත් පෙන්නුවේ සති ගානකට ඉස්සෙල්ල අනුරාධපුරේ වගේ මතක පොලිස් නිලධාරියෙක් බස් ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් අහනවා හෝන් 6ක් මොකොටද? අලි එලවන්නද කියල. ඕකට මිනිස්සු අල්ලලා නඩුත් දැම්ම පහුගිය දවස්වල. ජනාධිපතිතුමා "පරණ පත්තරයක්" බලලද කොහෙද එකපාරට හිතෙන්න ඇති මේකට මට ලකුණු වැටුනේ නැත්තේ මොකොද ඒ හින්ද වහාම මම නියෝග කළා කියල කියන්න කියලා.
Reply : 0 0
DGSK Sunday, 07 April 2019 10:49 PM
Appreciate your decision Mr President and it is a very good move also introduce a heavy penalty on this offence. If its want to success all police officers should show their honesty and act without friendship with the private buses running on each and every main road.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

