ඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කර සිටියේ, අදාළ ගැසට් නිවේදනය අද දින නිකුත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණද, නීතිපති දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තන අවසන්ව නොමැති වීම හේතුවෙන් එය එළැඹෙන සතිය දක්වා කල් දැමීමට සිදු වූ බවයි.