ගෝඨාගේ Trace City ව්‍යාපෘතිය රැකගත යුතුයි
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ ට්‍රේස් සිටි ව්‍යාපෘතිය හොඳ ව්‍යාපෘතියක් බවත් එම නිසා එම උද්‍යානය රැකගැනිම කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
අද පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිති දියත් කළ වර්ජනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කළේය.
“අද පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිති විසින් මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් පැය දෙකක අසාධාරණ වර්ජනයක් සිදුකළ අතර ඔවුන්ගේ ඉඩමකට මා ඇතුළුවී තර්ජනය කරමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම අත්හිටවූ නිසා මෙම වර්ජනය සිදුකළ බව ඔවුන් සඳහන් කර තිබුණි.
අංක 01 - ඔව්, මා එම ස්ථානයට ගිය අතර සියළු පාර්ශව සමග සාකච්ඡා කළෙමි. එහිදී, මා දැනුම් දුන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක තෝතැන්නක් ලෙස සැලකිය හැකි Trace City ව්‍යාපෘතිය විනාශ නොකර යෝජිත දුම්රිය පාලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අගමැතිතුමා මෙන්ම අනිකුත් පාර්ශවයන් එළඹෙන සඳුදා සාකච්ඡා කර බදාදා වනවිට සාධාරණ තීරණයක් ලබාදෙනු ඇති බවයි.
අංක 02- මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් වන අතර හොඳ දේ අගය කිරීමට මා කිසිදා මැලි නොවෙමි.
අංක 03- මා මේ අවස්ථාවේදී උපරිම උත්සාහ කරන්නේ Trace City නැමති මෙම දැනුම් උද්‍යානය තවදුරටත් පුළුල් කිරීම සඳහා රජයේ සහයෝගය ලබාගැනීමටයි. දැනුම පදනම් කරගත් ඉහළ තරගකාරීත්වයක් සහිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මෙවැනි ව්‍යාපෘති සඳහා තව තවත් සහයෝගය ලබාදීම අනිවාර්ය කටයුත්තක් වෙනවා. Trace City නැමති මෙම භූමියට මේ වනවිට ප්‍රමුඛතම සමාගම් රැසක් පැමිණ තිබෙන අතර තවත් සමාගම් පැමිණීමට කැමැත්ත පළකර තිබෙනවා.
මෙහි මේ වනවිට, සේවය කරන 1,200 ක් පමණ වන තරුණ පිරිසෙන් එක් අයෙකු මාසයකට රුපියල් 175,000 ක පමණ මාසික වැටුපක් ලබනවා. යෝජිත දුම්රිය පාලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වෙනත් ඉඩම් තිබියදී Trace City භූමිය එයට යොදා ගනිමින් මෙම තරුණයින්ගේ සහ මෙහි රැකියා කිරීමට හැකියාව තිබෙන තවත් එවැනි දහසකුත් දෙනාගේ අනාගතය අඳුරු නොකළ යුතුයි.
මේ නිසා, Trace City දැනුම් උද්‍යානය රැකගනිමින් මෙරට දැනුම පදනම් කරගත් කර්මාන්ත ක්ෂේත්රයේ සංවර්ධනය තවදුරටත් සංවර්ධනය කළ යුතුයි.”

popular news
-
Champa Thursday, 26 July 2018 10:36 PM
Going by this and various other things behind the scene, Ranil and Maithree might cut a deal with Gotabhaya for next Presidency. Who knows the next PM could be Maithree as I have never heard Gotabhaya saying Mahinda will be his PM if elected.
Reply : 0 0
Kumar Monday, 30 July 2018 10:03 PM
Why am I thinking it is a bad idea . What you are suggesting is that the voters elect a person who owned and operated a fleet of white vans, violated the law of the land by indulging in election work been a public servant , he got the military personnel to rehab the grandstand to open a restaurant to be run by a relative ,and buy two in California with cash during the last government. During the conflict he worked out of an air - conditioned office and called him self a hero. Real heroes are the soldiers who were risking their lives everyday for the country. On top of that he is still a US citizen .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
