ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් හදුන්වා දී ඇති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන ගුවන් තොටුපළවල් පවත්වා ගෙන යන බවට වූ ගුවන් ආරක්ෂක සේවා සැපයුම් බලපත්‍රය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ප්‍රථම වතාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත කටුනායක ශ්‍රී සිවිල් ගුවන් සේවා අධිකාරියේ 5 වැනි මහලේ " කෝකිල " ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී පිරිනැමීම සිදු විය .
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් හදුන්වා දී ඇති ගුවන් සේවා ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්රමිතීන් නිසි පරිදි ක්රියාවේ යෙදවීම පිළිබඳව , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත අධීක්ෂණය යටතේ ,ගුවන් සේවා ආරක්ෂක අංශයේ පරීක්ෂකවරුන් විසින් දිගු කාළයක් තිස්සේ සිදු කළ පරීක්ෂණ වලට සාර්ථකව මුහුණ දුන් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම එම පරීක්ෂණ වලින් සාර්ථකව සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ ගුවන් සේවා සැපයුම් බලපත්‍රය ලැබීමට නිර්දේශ කිරීමෙන් අනතුරුව , 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත මගින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති බලතල යටතේ මෙම සහතිකය ප්රදානය කර තිබේ .
කටුනායක ටී.කේ.ජී.කපිල