ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය ඉදිරියේ දී නාගරික දිළිඳු ජනතාව ද ඉලක්ක කර ගනිමින් කි‍්‍රයාත්මක වීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙන්වා දී තිබේ.
එමෙන් ම මෙම වසරේ ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ප්රතිලාභ බෙදාදීම වඩා වේගවත් කිරීම සඳහා අදින් එළැඹෙන සතිය ග්රාමශක්ති ජාතික සතිය ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.
ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (18දා) පෙරවරුවේ විළිඹුල, හේනේගම ප්‍රදේශයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ජනපතිවරයා මේ බව පැවැසීය.
දුන්නේ ග්‍රාමීය ව මෙන් ම නාගරිකව ද දිළිදුකමින් පීඩාවිදින ජනතාව විශාල පිරිසක් අද ජීවත්වන බවත් ඔවුන් ද ඉලක්ක කර ගනිමින් 2019 ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.
රටේ සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මේ වසරේ සියලුදෙනා සාමුහිකව තම වගකීම් ඉටු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ව පවතින බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.