කෝවිඩි-19 වසංගත තත්වය පැතිරයාම හේතුවෙන් රජය විසින් ගෙවනු ලබන රුපියල් 5000 දීමනාව සම්බන්ධ නව චක්රය ලේඛය මගින්, පෞද්ගලික අංශයේ සේවකයින්ට එය ගෙවීම අහිමිකර ඇති අතර මේ හේතුවෙන් ග්රාම නිළධාරීන් හා ඔවුන් අතර නිරන්තර ගැටුම් ඇතිවන බව ග්රාමනිලධාරීවරු පවසති.
පෞද්ගලික අංශයේ සේවය කළද , රුපියල් 5000 දීමනාව හිමිවිය යුතු පවුල් ඔනෑතරම් තිබෙන බවත් එවැනි පවුල් නොසලකාහැරීම කළ නොහැකි බවද ග්රාමනිළධාරීවරු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.
එසේ උවද පසුගිය 15 දා නිකුත් කළ PTF/03/2020(II) චක්රලේඛය අනුව ප්රතිලාභ ගෙවිය යුතු පුද්ගලයින් සඳහන් කර ඇති අතර එහි පෞද්ගලික අංශයේ සේවකයින් නොමැත.
එසේම රුපියල් 5 000 දීමනාව ලබාදීම දීම සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින් කිහිපදෙනෙකු එක් නිවසක් තුළ සිටියද එක් නිවසක් සඳහා රුපියල් 5 000 එක් දීමනාවක් පමණක් ලබාදිය යුතු බවද එම චක්රලේඛයේ සඳහන් වේ.
මෙවැනි කාරණා හේතුවෙන් මෙම දීමනා බෙදාදීමේදී ග්රාම නිළධාරීවරු දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවත් මේ සම්බන්ධයෙන් ග්රාමනිළධාරීන්ගේ වෘත්තිය සමිති හරහා රජයට දැනුම්දීට සුදානම්වන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.