තිස්සමහාරාම, සඳුන්ගමුව ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් ග්රාම නිලධාරිණියක් වන සිය බිරිඳ හා බිරිඳගේ මව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
අද (23දා) පෙරවරුවේදී මෙම ද්විත්ව ඝාතනය සිදුකර තිබේ. සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනයන් සිදුව ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ. අවුරුදු 25ක් හා 54ක් වන කාන්තාවන් දෙදෙනෙක් මෙසේ ඝාතය වී තිබේ.