ගිරිතලේ වැවේ මාලු ඇල්ලිමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් සිටියදි අද (16) හමු වු බව මින්නේරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ 1 කණුව, දියබෙදුම පාර, ගිරිතලේ යන ලිපිනයේ කලගේ ගර්ජි හේවගේ ප්රසාජිත් ඉන්දික තිලකරත්න (48) හැවිරිදි විවාහක අයෙකි.
මෙම මියගිය පුද්ගලයා පිළිබද කල විමර්ශන වලදි මියගිය අයගේ බිරිද විසින් පොලිසියට පවසා ඇත්තේ මාගේ මහත්තයා තවත් මිතුරන් දෙදෙනෙකු සමග පෙරදින රාත්රි හතට පමණ මාලුවෙක් අල්ලාගෙන කමු යැයි පවසමින් වැවට පැමිණි බවත් පසුදින වනතුරුත් තම ස්වාමියා නිවසට නොපැමිණිම පිළිබද සොයා බැලිමේ වැව අයිනේ ගලක් උඩ ස්වාමියාගේ කමිසය දැකිම නිසා අසල්වාසින්ට කතා කර වැවේ සොයා බැලිමේ දි වැව තුල මියගොස්ව සිටින බව දැක තිබේ.
පසුව ඒ පිළිබද පොලිසියට දැනුම් දුන් බව මියගිය අයගේ බිරිද පොලිසියට පවසා තිබේ.