ගැඹුරු මුහුදේ වැලි කැණීම සඳහා ඩොජර් යන්ත්‍රයක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ. ඉදිකිරීම් සඳහා අවශ්‍ය මුහුදු වැලි ලබාගැනිම වෙනුවෙන් මෙම ඩ්රොජර් යන්ත්‍රය මිලදී ගැනිමට අපේක්ෂා කරයි.
ඉදිකිරීම් කර්මාන්තයේ වරධනයත් සමග ඒ සඳහා යොදා ගන්නා ගංඟා වැලි හිඟවිම හේතුවෙන් සකස් කළ මුහුදු වැලි මේ වන විට භාවිත කරන අතර ඒ සඳහාද ඉල්ලුම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව මුහුදු වැලි සකස් කර සැපයීම සිදුකරන අතර එය ඉදිකිරිම් සඳහා වන සමස්ත අවශ්‍යතාවෙන් 10%ක් පමණ වෙයි.
ඉදිකිරිම් කර්මාන්තයේ වර්ධනයත් සමග අනාගතයේ ඇතිවන වැලි අවශ්‍යතාව සපුරා ගැනීමට ගැඹුරු මුහුදේ වැලි කැණීම වෙනුවෙන් මෙම ඩ්රොජර් යන්ත්‍රය මිලට ගැනිමට නියමතිය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඉදිරිපත් කළ අතර එයට කැබිනට අනුමැතිය ලැබි ඇත.