ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින සෞඛ්‍ය කාර්ය සහායක හිගය හේතුවෙන් එම රෝහලේ දෛනික රෝගී සත්කාරක කටයුතු වලට බාධාවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වුයේ පවතින මෙම තත්ත්වය මත ඇතැම් අවස්ථාවන්හිදී වෛද්‍යවරුන්ට ප්‍රතිකාර ලබාදීම අත්හිටුවීමේ අවස්ථාවන්ට පවා මුහුණ පෑමට සිදුවන බවය.ෙ
මෙවන් තත්ත්වයක් ඉකුත් මස 28 වෙනි දින සිදුව ඇති අතර රෝගීන් රැගෙන ඒම සහ ආපසු වාට්ටු කරා රැගෙන යාම පිණිස සෞඛ්‍ය කාර්යසහායකයින් නොමැතිවීම හේතුවෙන් විකලාංග ශල්‍යකර්ම සියල්ල නවතා දැමීමට සිදුව ඇත.
මෙම රෝහලට අවශ්‍ය අනුමත සෞඛ්‍ය කාර්යසහායක සංඛ්‍යාව පවා නොමැති බවත් මේ වනවිට වැඩි කොට ඇති ප්‍රතිකාර අංශයන්ට අනුව ලැබිය යුතු සෞඛ්‍ය කාර්යසහායක ප්‍රමාණය නොලැබී ඇති බවද දැන ගන්නට ලැබිණි.ෙ
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පවතින සේවක හිගය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සුජීවා රත්නායක මහත්මිය ගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ, රෝහලෙහි කටයුතු සාමාන්‍ය වශයෙන් පවත්වාගෙන යාම පිණිස සෞඛ්‍ය කාර්යසහායකයින් 25 දෙනෙකුවත් අවශ්‍ය වන බවය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පවතින අඩුපාඩු සපුරා ගනිමින් සාර්ථක ප්‍රතිකාර සේවාවක් පවත්වා ගෙන යාම පිණිස දැනට බස්නාහිර පළාත් සභාවට අයත් මෙම රෝහල , මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් , වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයෙහි 900 දෙනෙකුට අධික පිරිසකගේ අත්සනින් යුත් ඉල්ලීමක් ජනාධිපතිවරයා ඇතුළු අදාළ අංශයන් වෙතද යොමු කොට ඇත.
අතිවිශාල රෝගී සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන ගම්පහ දිසාවෙහි ප්‍රධාන නගරය වන ගම්පහ පිහිටා ඇති මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගනිමින් සංවර්ධනය කිරීම පිණිස බස්නාහිර පළාත් සභා සහ මධ්‍යම රජයේ ජනතා නියෝජිතයින් මෙන්ම අදාළ බලධාරීන්ගේ කඩිනමින් අවධානය යොමු විය යුතුව ඇත.
ගම්පහ - තිලකරත්න දිසානායක