ගම්පහ බාලිකා විද්‍යාලයක 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කොවිඩ් 19 ආසාදිතයෙකු වීම මත එම විද්‍යාලයේ ඇය සමග ඉගෙනුම ලබන සිසුවියන් සහ එම අයගේ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ අතර එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
කොවිඩ් 19 ආසාදනය වී ඇති , එම බාලිකාවේ ඉගෙනුම ලබන උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කම්හලෙහි සේවය කරන අයෙකු වන අතර ඔහු ආසාදිතයෙකු වීම මත සිසුවියද පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීමේදී රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
මේ අනුව එම සිසුවියගේ පන්තියෙහි ඉගෙනුම ලබන සිසුවියන් ඇතුළු ඔවුන්ගේ ආශ්‍රිතයින් 96 දෙනෙකු , ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බවත් අද (15දා) ලැබුනු එම පරීක්ෂණ වාර්තා අනුව එම කිසිවෙකුටත් රෝගය ආසාදනයවී නොමැති බව තහවුරු වී ඇති බවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.