එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත් කොට 2025දී රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය අද (2දා) ගම්පහදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවැසීය.
ගම්පහ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා පැවසුවේ,
"එක්සත් ජාතික පක්ෂයට මෙය ඉතාම වැදගත් මොහොතක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ 1946 වර්ෂයේදී අරඹන ලද පක්ෂයක්. අපේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදය වශයෙන් අපට තරුණ නායකයෙක් අවශ්‍ය වන බව.
මේ පක්ෂයට ගරුත්වයක් ලබා දෙන, තරුණයන්ගේ හඬට සවන් දෙන, අපේ පක්ෂයට විශාල කාර්යභාරයක් කරපු දක්ෂ නායකයත්වයක් තමයි මේ රටේ තරුණ පරපුර ඉල්ලා සිටින්නේ. එවන් චරිතයක් තමා රුවන් විජයවර්ධන මහතා කියන්නේ. රුවන් විජයවර්ධන මහතා දේශපාලන ක්ෂේත්රයේ, අපේ එක්සත් ජාතික පක්ෂයට විශාල කාර්යභාරයක් කරන ඉතා දක්ෂ මෙන්ම කිසිවෙකුටත් එපා නොවූ චරිතයක්. අපි තීන්දුවක් ගත්තා ගම්පහ දිස්ත්‍රික්කය වශයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය වශයෙන් සාකච්ඡා පවත්වලා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සැමගෙන් මේ පක්ෂයේ නායකත්වය තෝරන මේ අවස්ථාවේ තාවකාලික පැලැස්තර විසඳුමක් නොමැතිව ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස. නැතිනම් වසර දෙක තුනකදී යළිත් ප්‍රශ්න ගැටලු ඇති විය හැකියි.
දැනට අප පක්ෂය තුළ ප්‍රබලම තරුණ පිරිස අතර සිටින ප්‍රබලම චරිතය තමයි රුවන් විජයවර්ධන කියන්නේ. මේ චරිතය අපේ රටේ තරුණයින් ඉල්ලා සිටිනවා. මල්වතු අස්ගිරි මහ නායකවහන්සේලා මෙතුමා ගැන කතා කරනවා. මෙතුමා අපේ රටේ හොඳ බෞද්ධ නායකයෙක්. කැලණි විහාරස්ථානයට විශාල කාර්යභාරයක් කළ පරම්පරාවක තරුණ නායකයෙක්. අපි විශේයෙන්ම රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යනව මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා, ඔබතුමන්ලා මේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ. පක්ෂයට විශාල කාර්යභාරයක් කරපු නායකයෝ. මේ වගේ පරිණත නායකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ තවත් කල් නොයවා පක්ෂයේ නායකත්වය රුවන් විජයවර්ධන මහතාට ලබා දෙන ලෙසයි.
අපේ පක්ෂයේ උරුමයක් තියෙන රුවන් විජයවර්ධන මහතා යොවුන් පෙරමුණට විශාල ශකතියක් දුන් නායකයෙක්. විශේෂයෙන්ම ගම්පහ ජනතාව පත්කළ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් විදිහට අප ඉල්ලා සිටිනවා පක්ෂ නායකත්වය තේරීමේදී තවත් කල් නොයවා මේ තරුණ නායකයා පත් කරන ලෙසට. රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත් කොට 2025දී රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසට."
කටාන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක - ලක්ෂ්මන් ප්‍රනාන්දුපුල්ලේ මහතා:-
"එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා අපි රුවන් විජයවර්ධන මහතා බලාපොරොත්තු වෙනවා. එතුමන්ගේ නායකත්වය යටතේ 2025 මැතිවරණය ජයගැනීම සඳහා එවන් ජවසම්පන්න නායකත්වයක් අපට අවශ්‍යයි. මේ අවස්ථාවේ විසිරිලා තියෙන එක්සත් ජාතික පක්ෂය එක්සේසත් කරන්න හැකි නායකයෙක් තමයි රුවන් විජයවර්ධන කියන්නේ.
බොහොම පිරිසිදු, ඩීල් නැති, අවංක, හොර බොරු නැති, බෞද්ධ පදනමක් ඇති හොඳ පවුල් පසුබිමක් සහිත රුවන් විජයවර්ධන මහතා වැන්නෙකු පක්ෂ නායකත්වය පත් කොට පක්ෂය ගොඩනැගීමට අවස්ථාව සලසා දෙන්නැයි අප ඉල්ලා සිටිනවා. විසිරුණු එක්සත් ජාතික පක්ෂය යළි එකතු කිරීමට රුවන් විජයවර්ධන මහතාට හැකි බව අපට විශ්වාසයි."
මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර විතානගේ මහතා:-
"රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට තියෙනවා තරුණයෙකුට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබාදීමට. පක්ෂ නායකත්වය සඳහා මුලින්ම නම් හතරක් යෝජනා වුණත්. මුලින්ම රුවන් විජයවර්ධන මහතාගේ නම කියැවුණෙ නැහැ. නායකත්වයට ඔහුගේ කිසිදු බලලෝභිත්වයක් නැහැ. රටේ සිව්දෙසින් හඬක් එන විට පක්ෂය භාරගැනීමට සූදානම් බව රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කොට තියෙනවා."
ගම්පහ මහ නගර සභාවේ විපක්ෂ නායක - රවීන්ද්‍ර ගනේගොඩ මහතා:-
"මේ මේ මොහොතේ අපේ පක්ෂයට තරුණ නායකත්වයක් අවශ්‍ය බව හැඟෙනවා. හොර බොරු වංචා නැති ජනතාව සමඟ සුහදව කටයුතු කළ හැකි විජයවර්ධන මහතා අපගේ එකම බලාපොරොත්තුවයි. අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ රුවන් විජයවර්ධන මහතා අපේ නායකත්වයට පත් කරන ලෙසයි."
ගම්පහ තිලකරත්න දිසානායක