නීතිවිරෝධී ගිනිඅවි පිළිබඳ පොලීසියට සාර්ථක තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට හා ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ටත් මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් දසදහසේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහස දක්වා මුදල් ත්‍යාග ලබාදීමට සැලසුම් කර ඇත.
නීතිවිරෝධී ගිනිඅවි සම්බන්ධයෙන් වූ තොරතුරු පොලිස් ස්ථානාධිපතිවරයා හෝ පොලිස් මූලස්ථානයට හා 1997 කෙටි දුරකථන අංකයට ඇමතීමෙන් ලබාදිය හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නීතිවිරෝධී ගිනිඅවි පිළිබඳ ජනතාව තොරතුරු ලබාදීමෙන් පසු වැටලීම සිදුකර නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගත් පසු අදාළ මුදල් ත්‍යාග ලබාදීමට සැලසුම් කර තිබේ.
මීට අදාළ චක්‍ර‘ලේඛයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇත.