ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති නෞකාවෙන් බොරතෙල් කාන්දු වීමේ අවධානමක් නොමැති බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජනරාල් - මෙහෙයුම් රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මේ නෞකාව දැන් ලංකාවට නාවික සැතපුම් 22ක් දුරින් රැදී සිටිනවා. එම ස්ථානයේ ගැඹුර කිලෝ මීටර් 3.1ක් පමණ වෙනවා. මේක ගැඹුරු මුහුදක්. අපේ පළමු අවශ්‍යතාව තමයි දැනට නෞකාවේ ගින්න පාලනය කිරීම.
පාලනය කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ දුම නගින එක සති ගණන් තිබෙන්න පුළුවන් නෞකාවේ ගින්න හා ගින්න නැවත ඇතිවීමේ ප්‍රවණතාව නැවැත්වූ විට තමයි අපට අවස්ථාව ලැබෙන්නේ නෞකාව සුරක්ෂිතයි කියන එක තහවුරු කරන්න.
මේ නෞකාව අයිති සමාගම දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ඒ අයට නෞකාව භාර දෙනවා එතතින් ඉවත් කර ගැනිමට.
දැනට තිබෙන තත්ත්වය අනුව ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන් ලංකාවට තෙල් ගලාගෙන ඒමේ කිසිම අවධානමක් නෑ.
ඒක වෙන්න පුළුවන්. ඒත් ඒක වෙන්න විදිහක් නෑ. මේ නෞකාව මුහුදු පතුලේ වදින්නේ නෑ ගැඹුරු මුහුදක් තිබෙන්නේ. ඒ ප්‍ර දේශයේ තිබෙන දියවැල් වල ස්වාභාවය අනුව නෞකාව වෙරළට සමාන්තරව දකුණට ගමන් කිරීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මේ නෞකාව මතුපිට සිට මුහුද යටට අඩි 30ක් තිබෙනවා.
මේ වන විට විශාල ප්‍රමාණයේ නෞකා හසුරවිය හැක ටග් යාත්‍රා තුනක් මේ ස්ථානයට එකතු වී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගින්න මැඩ පවත්වලා, ගින්න නැවතත් ඇතිවීම වළක්වලා නෞකාවට ගොඩ වෙලා මේ නෞකාව සුරක්ෂිතව මේ ස්ථානයෙන් වෙනස් කිරීම සඳහා.
මේ නෞකාවේ බොයිලේරුවේ තමයි පිපිරීම වෙලා තිබෙන්නේ. ඉස්සෙල්ලාම ගින්න ඇතිවුණේ එන්ජින් කාමරයේ. ඉන් පසුව ගින්න නෞකාවේ පරිපාලනමය කොටසට පැතිරිලා තිබෙනවා. මේ කොටසයි නෞකාවේ බොරතෙල් අරගෙන යන කොටසයි අතර ලොකු වෙනසක් තිබෙනවා.
බොරතෙල් තිබෙන කොටස ඉතාමත් සුරක්ෂිතයි. නෞකාව අවුරුදු 20ක් පැරණි වුණාට ජපාන සහතිකය තිබෙනවා. බොරතෙල් ගෙනියන හැම නෞකාව අපිට පෙනන හල් එකට අමතරව ඇතුළෙන් තව එකක් තිබෙනවා. ඒ දෙක අතර වතුර තිබෙනවා. බොරතෙල් වලට ගින්නෙන් හානි සිදුවෙන්න තිබෙන අවස්ථාව අඩුයි.”