ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්සේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය කටයුතු කර තිබේ.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එම අවස්ථාවේදී ගණිකා නිවාසය කළමනාකරණය කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙක් හා ගණිකා වෘත්තියේ යෙදී සිටීමේ අරමුණින් එහි රැඳී සිටි සැකකාරියන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හා සැකකාරිය අද (05දා) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.