කලුතර,මිගමුව,මාතර හා හෝමාගම මහාධිකරණවල නඩු 600කට වඩා ගොඩගැසි ඇති නිසා නීතිපති දෙපාර්තමේන්තුව එ වෙනුවෙන් අතිරේක රජයේ අධිනිතීඥයෙක් යෙදවිමට තිරණය කර තිබේ.
දැනටසිටින අධිනීතිඥවරයාට අමතරව නීතිපතිවරයාගේ නව තිරණයක් අනුව එම මහාධිකරණ 4 සඳහා තවත් රජයේ අධි නීතිඥවරයෙක් යොදවන බව අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
ගොඩගැසි ඇති නඩු අවම කිරිම සඳහා මෙම පියවර ගෙන තිබේ.