කොස්ලන්ද, මහලන්ද, අඹකොලආර රක්ෂිතය ආශ්රිත කැලෑබිමක් මැද පවත්වාගෙන ගිය ගංජා පැළ තවානක් ඊයේ(16) රාත්රී වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලීසිය පවසයි .
මෙම ගංජා පැළ තවානේ අගල් 9ක් උසට වැවුන පැළ 2000 ක් පමණ තිබූ අතර නඩු භාණ්ඩ වශයෙන් කොටසක් තබාගෙන ඉතිරි වගාව විනාශ කළ බවද පොලිසිය සඳහන් කළේය .
අත්අඩංගුවට ගත් සැකකරු 56 වන වියේ පසුවන තණමල්විල බලහරුව ප්රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය සඳහන් කළේය .