කොතලාවල ගිය සයිටම් සිසුන් දැඩි මානසික පීඩනයකින්ලු
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයේ ඉගෙනුව ලබන සිසුන් කොතලාවල වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කළත් එම සිසුන්ගෙන් වසරකට රුපියල් ලක්ෂ 13 බැගින් අය කිරීමට කටයුතු කරන බවත් එය තමන් කබලෙන් ලිපට වැටුණ බවක් වැනි යැයිද පවසමින් සයිටම් සිසුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් පවසයි.
සයිටම් ආයතනයේ ශිෂ්‍යත්ව පදනම මත ඉගෙන ගත් සිසුන්ට මෙන්ම දැනට සයිටම් ආයතයට මුදල් ගෙවා අවසන් කළ සිසුන්ගෙන්ද මෙසේ රුපියල් ලක්ෂ 13 බැගින් වසරකට අය කරන බව කොතලාවල සරසවිය තමන්ට දැන්වූ බවත් සයිටම් ශිෂය ක්‍රියාකාරී කමිටුව පවසයි.
එසේම සයිටම් ආයතනයට තමන් ඇතුළත් කිරීමේදී සිය දෙමාපියන් බැංකු ණය ලබාගනිමින් මුදල් ගෙවූ බවත් එම ණය පවා ගෙවා ගත නොහැකි තත්ත්වයක නැවත වරක් මුදල් අයකිරීම තමන්ට දැඩි මානසික පීඩනයක් බවත් ඔවුන් පවසයි.

popular news
-
Champa Saturday, 04 August 2018 05:35 PM
Exactly. What the heck is this government doing? Is this how they solve problems? This government is famous for evaporating people’s hard earned money.
Reply : 0 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

