පසුගිය මාසයක කාලය තුළදී කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිත මරණ 69 ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා වෛරසය ආසාදනය වී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනත් රෝහල් වලින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා එවන මියගිය පුද්ගලයන් මෙම සංඛ්‍යාවට අයත්වේ.
මේවනවිටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිහිටුවා ඇති කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 200 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති ඇඳන් 125 ට අමතරව වෙනත් සාමාන්‍ය රෝගී ප්‍රතිකාර වාට්ටුද මේවනවිට රෝහලට ඇතුළත් කරන කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
මෙපමණ විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වී සිටියද තදබදයක් ඇති නොවන ආකාරයට එම රෝගීන් සියළුම දෙනාට ඇඳන් සහිත පහසුකම් සපයා දීමට හැකිව තිබෙන බවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.